කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව සතු නිෂ්පාදන ආයතනයන්හි නිෂ්පාදනය කරන භාණ්ඩ අයිතමයන් පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම අලෙවි අංශය මගින් සිදු කරයි.පේෂ කර්මාන්ත අලෙවි සැල් 21 (කුරුණෑගල දිස්ත්‍රික්කය -15,පුත්තලම් දිස්ත්‍රික්කය -06) හා කුඩා කර්මාන්ත අලෙවිසැල් (කුරුණෑගල දිස්ත්‍රික්කය04,පුත්තලම් දිස්ත්‍රික්කය -01) අලෙවි අංශය යටතේ පවත්වාගෙන යනු ලබන අතර පේෂ නිෂ්පාදන සදහා ජංගම අලෙවි සැලක්ද ක්‍රියාත්මක වේ.
උක්ත අලෙවිසැල් හරහා අලෙවි කටයුතු සිදු කිරීමේදී පහත ක්රමයන් අනුගමනය කරයි.
- එදිනෙදා අත්පිට අලෙවිය
- ණය සහන පදනම මත රෙදි පිළි රාජ්‍ය සේවකයන් වෙත අලෙවි කිරීම
- ඇනවුම් මත අලෙවිය